Pin It

Home » , , , » ඩොලර් 35 ක්ම හෙව්වා.....

ඩොලර් 35 ක්ම හෙව්වා.....


ඩොලර් 35 ක් හෙව්වයි කිව්වට මේක මේ අලුත් දෙයක් නෙමෙයි.ඒ තමයි අපි කවුරුත් දන්න ෆොරෙක්ස්.ඒත් හැබැයි මම මේ කියන්න යන්නෙ ලාභ උපයන හැටිනම් නෙමෙයි.ෆෙරෙක්ස් කරන්න කලින් ඔයාල දැනගන්න ඕන දේවල් ටිකක්.

ඇත්තටම අද ලංකාවෙ ගොඩක් දෙනා මේ අද්විතීය මූල්‍ය වෙලදාමට නැඹුරුවෙලා තියෙනව.ඒක හොද ප්‍රවනතාවයක්.තනි පුද්ගලයෙක් විදිහට ගත්තොත් ඔයාලට ඒකෙන් ගොඩක් ඉක්මනට මුදල් උපයන්න පුලුවන්.එතකොට අපේ රටේ විදේශ විනිමය සංචිත වැඩිවෙනව.ඒක රටේ දියුණුවටත් රුකුලක් වෙනව.ඔයා නොදැනුවත්ම රටේ දියුණුවට විශාල සේවයක් කරනව.හැබැයි ඇත්තටම ලංකාවෙ තත්වය මේක නෙමෙයි.ලංකාවෙ ෆොරෙක්ස් හරහා මුදල් උපයන පිරිස සීමිතයි.ෆොරෙක්ස් කරන්න අරගෙන සල්ලි නැතිකරගන්න ප්‍රමාණය වැඩියි.සල්ලි හොයන අය ලංකාවෙ දියුණුවට විශාල සේවයක් කරනව.සල්ලි නැති කරගන්න අය ලංකාවෙ දියුණුවට බාධා කරනවා.හේතුව තමයි අපි සල්ලි Deposit කරද්දි අපේ රටේ විදේශ විනිමය ප්‍රමාණය අඩු වෙනව.ඒත් කමක් නෑ ආයෙ Withdraw කරනවනම්.ඒත් ඉතින් Lost උනාට පස්සෙ Withdraw කරන්න දෙයක් නැහැනෙ.ඒක අපේ රටේ ආර්ථිකයට අහිතකරයි.

ඉතින් අපි කරන්න ඕන සල්ලි නැතිකරගන්න එක නෙමෙයි හොයන ඒක.මුලින් මම කිව්වනෙ ඩොලර් 35 ක් හෙව්ව කියල ඇත්තටම මම ෆොරෙක්ස් කරල හෙව්ව මුදල තමයි ඒක.මම මගේ Account එකට $ 100 ක් දැම්ම.පස්සෙ මට $ 25 ක් නැති උනා.ඉතිරි උනේ 75 යි.දන්නවනෙ අපි වගේ දුප්පත් කොල්ලන්ට $ 25 ක් කියන්නෙ හෙන ගහන්න වගේ කියල.හැබැයි මම වැඩේ අතැරියෙ නෑ.ඔය 25 නැති වෙන්න දවස් 3යි ගියේ(පොඩි Trade දැම්මෙ).ඉතින පස්සෙ දවසක මම පැය 4 ක් වගේ කාලෙකදි ආපහු $ 60 ක් හෙව්ව.එතකොට ගාන 135 යි.ඊට පහුවෙනිදම මම සල්ලි ඔක්කොම ටික Withdraw කරා.මම එහෙම කරන්න හේතුව තමයි,ඔය 35 මට හම්බ උනේ මගේ එක දවසක වාසනාව නිසා.මම දිගටම Trade කරානම් ඔය 135 ම මට නැති වෙනව.මොකද වාසනාව තියෙන්නෙ සුලු මොහොතයි

මම කියන්නෙ මේකයි,අපි එක දවසක් වාසනාවන්ත උනොත් ඉතිරි දවස් 6ම (සතියකට) අපි අවාසනාවන්තයි.ඉතින් අපට වාසනාවන්ත දවස හොයාගන්න බැහැනෙ.ඒක නිසා කියන්න තියෙන්නෙ ලොකු Risk එකක් අරගෙන Trade කරන්න එපා.ඔයාට ඉතිරි දවස් 6 ත් වාසනාවන්ත කරගන්න ඕන නම් ඔයා දක්ශයෙක් වෙන්න ඕන.මොකද දක්ශ පුද්ගලයා පසුපස හැම වෙලේම වාසනාව හඹාගෙන එනවා.ඉතින් අපි ලග නැත්තෙත් ඔය කියන දේම තමයි.ඔයාල දන්නවනෙ අපි ඉපදුන ගමන් ඇවිද්දෙ නැහැනෙ.හැබැයි දැන් ඔයා දකිනවද බඩගාගෙන යන කොල්ලන්ව? නැහැනෙ ඉතින් ඒ වගේ තමයි අපි නැගිටින්න ඕන ටික ටික.ඊට පස්සෙ නොවැටී ඉන්න පුලුවන්.හැබැයි මේ මම කියන්නෙ Lose වෙවී Profit කරන්න පුරුදු වෙන්න කියල නෙමෙයි.අපි මේ සෙල්ලම් කරන්නෙ මුදල් එක්ක.මුලින් Lose උනොත් පස්සෙ Profit කරන්න මුදල් ඉතිරි වෙන එකක් නෑ.

ඉතින් අපි දැනගන්න ඕන දේ තමයි,නැගිටින්නෙත් නැගිට්ටට පස්සෙ වැටෙන්නෙ නැතුව ඉන්නෙ කොහොමදත් කියන එක.ඉතින් ඒකට හොදම දේ තමයි පුහුණුව.ඔයාලට පුලුවන් Demo Account එකකින් හොද පුහුණුවක් ලබා ගන්න.ෆොරෙක්ස් කරන්න ඕන නම් අදම Demo එකකින් පටන් ගන්න.ඔයාට ඉදිරි අවුරුදු 20 දි සල්ලි හොයන්න ඕන නම් ඔයා අවුරුද්දක් පුහුණු වෙන්න.ඒකට ඉවසීම තියෙන්න ඕන.අපේ අය ගාව නැත්තෙත් ඒකම තමයි.අපේ කට්ටියට ඕන ඉක්මනට පොහොසත් වෙන්න.එහෙමනම් ඉතින් ඔයාට පුලුවන් වෙන ලේසි ක්‍රමයක් හොයාගන්න.හැබැයි ඉක්මනට පොහොසත් වෙන්න පුලුවන් ගොඩක් ක්‍රම නීති විරෝධී.අපට ඒ වගේ වැඩ කරන්න ඕන නැහැනෙ.ඒ නිසා ඊ-මනී කරන කෙනෙක් නම් මහන්සි වෙන්න.ඒ වගේම ඉවසීමෙන් වැඩ කරන්න.ඉතින් ඔයාට හොද Trader කෙනෙක් වෙන්න ඕන නම් අඩුම තරමෙන් අවුරුද්දක්වත් පුහුණු වෙන්න.එතකොට ඔයා අනිවාර්‍යයෙන් 90 % සාර්ථක Trader කෙනෙක් වෙනව වෙනවමයි.

ඊලගට ඔයා දැන ගන්න ඕන දේ තමයි ඔයා තෝරගන්න Company එක ගැන.ඒ ගැන හොදට හොයල බලන්න.මොකද සමහර Site  වල සල්ලි Withdraw කරන්න පුලුවන් අවම මුදල ටිකක් වැඩියි.සමහර අය Withdraw කරද්දි කිසියම් මුදලක් කපා ගන්නව.එතකොට Bonus දෙන අය,විවිධ පහසුකම් (Signals එහෙම) දෙන අයත්  ඉන්නව.සේවාදායකයෙක් තෝරගන්නකොට මේ දේවල් හොයල බලන්න.
අනෙක් කරුණ තමයි කොපමන මුදලක් යොදනවද කියන එක.මම නම් කියන්නෙ අඩුම $ 300 ක් වත් තියෙන්න ඕන. නැත්තන් ඔයාගේ සල්ලි නැතිවෙන්න තියෙන සම්භාවිතාව වැඩියි.මොකද එතකොට ඔයාගේ Account එකේ Margin එක අඩු නිසා.ඔයාට අවුරුද්දක් විතර වැය කරල තනියම Trade කරන්න බැරිනම් ඔයාට තියෙන විකල්පය තමයි වෙන හොද Trader කෙනෙකුට ඔයාගේ Account එක බාර දෙන එක.ඒක ඉතින් සල්ලි දීල හරි නොමිලේ හරි කරගන්න පුලුවන්.නොමිලේ කරගන්න එක හොදයි මොකද තවත් වියදමක් දරන්න ඕන නැහැනෙ.ඉතින් ඕක අපට කරගන්න පුලුවන් Zulutrade.com හරහා.(Zulutrade.com එකෙන් අපිට සහ අපේ මුදලට ගැලපෙන Expert කෙනෙක් තෝරගන්න හැටි පස්සෙ කියල දෙන්නම්)හැබැයි එහෙම කරනවනම් $ 500 ක් වත් තියෙන්න ඕන කියලයි මම නම් හිතන්නෙ.

 ඉතින් ඔයා තව එක දෙයක් දැන ගන්න ඕන.ඒක හරි වැදගත්.මම හිතන්නෙ Demo එකකින් පුහුණු වෙනවා කියන කරුණට අමතරව වැදගත්ම දේ තමයි මේ.ඔයාල දන්නවනෙ දැනගෙන ගියොත් කතරගම යන්න පුලුවන් නොදැන ගියොත් අතරමග නවතින්න පුලුවන්.එහෙමත් නැත්තන් කාගෙන් හරි අහගෙන් යන්නත් පුලුවන්.දැනගෙනම යනවද අහගෙන යනවද කියන එක ඔයා තීරණය කරන්න.අහගෙන යනවනම් zulutrade.com බාවිතා කරන්න.දැනගෙන යනවනම් ඒ ගැන ඉගෙන ගන්න.සිංහලෙන් ෆොරෙක්ස් ඉගෙන ගන්න පුලුවන් හොදම Site එක තමයි ForexinSinhala.Blogspot.com ඒක ලියන සහෝදරයා හැමදේම පැහැදිලිව ලියල තියෙනව.ඉතින් අදම ගිහින් ලිපි ටික මුල ඉදන් කියවල ඉගෙන ගන්න.ඒ හැම දෙයක්ම ගොඩක් වැදගත් වෙයි.

ඉතින් මට ඇත්තටම ඔයාලට කියන්න තියෙන්නෙ ලංකාවෙ දැනට ෆොරෙක්ස් නිසා විදේශ විනිමය රටින් පිටට යනව.ඒක වෙනස් කරන්න අපට පුලුවන්.මොකද මහ බැංකුවට දැනුනොත් ෆොරෙක්ස් නිසා විදේශ විනිමය සැලකිය යුතු ප්‍රමාණයක් අපට නැති වෙනව කියල එයාල ලංකාව තුල ෆොරෙක්ස් වෙලදාම තහනමකට ලක් කරන්න පුලුවන්.එයාල දැනටත් මේ ගැන දන්නව.හැබැයි ඉතින් තාම ආර්ථිකයට දැනෙන තරම් විශාල ප්‍රමාණයක් අහිමි වෙන්නෙ නෑ.ඒත් ඉතින් ෆොරෙක්ස් වලට අලුතින් එන අය වැඩියි.ඒ වගේම ඉදිරියට තව වැඩි වෙයි.ඉතින් එතකොටත් මේ තත්වෙ තිබුනොත් රජය මොකක් හරි පියවරක් ගනී.මොකද මේ තියෙන සල්ලි ටිකත් නැති කරගන්න රජය කැමතිවෙන එකක් නැහැ.මොකද ලංකාව කියන්නෙ ලොකු විදේශ විනිමයක් උපයන රටක් නොවන නිසා.ඉතින් එහෙම වෙන්න දෙන්න එපා.මේ වගේ ආදායම් මාර්ගයක් නැති කරගන්න ඕන නැහැනෙ.

ඉතින් මම මේ කියපු හැම දෙයක්ම හොදට දහ පාරක් හරි හිතල බලන්න.විශේෂයෙන් පුහුණුව වැදගත්.පළමුව පුහුණුව කියල මතක තියා ගන්න.ඒක අමතක කරන්න එපා.ෆොරෙක්ස් කරනවා නම් අවුරුද්දක් මහන්සි වෙන්න.මම අද කියනව ඔයා ඊට පස්සෙ හොදට ලාභ ලබාවි.ඒ වගේම මම දන්න තව දෙයක් තියෙනව මේ ලිපිය කියවල කෙනෙක් ඒක තේරුම් අරගෙන අවුරුද්දක් පුහුණු උනොත් ඒක ලෝක වාර්ථාවක් වෙයි.මොකද ලංකාවෙ අපි හරි හදිස්සි කාරයෝ.අපට ඕන ඉක්මනට පොහොසත් වෙන්න.හැබැයි ඉතින් ලෝකෙ ඉන්න පොහොසත් මිනිස්සු හැමදෙනාම හිමින් හිමින් ඒ තත්වෙට ආපු අය කියල අමතක කරන්න එපා.ලංකාවෙ ලෝකෙට අභියෝග කරන්න පුලුවන් තරමෙ පොහොසත් මිනිස්සු නැත්තෙ අපි හිතන විදිය වැරදි නිසා.
ඔන්න මම ඔයාලට හිතන්න ඕන කරණු කිහිපයක් කිවුවා.විශේෂයෙන් අලුතින් ෆොරෙක්ස් කරන්න හිතන අයට වැදගත් වෙයි.Comment එකක් එහෙම දාන්නකො ප්‍රයෝජනයක් උනානම්.එහෙනම් ඉතින් ආයෙත් හමුවෙමු.ඔබට ජය.....
If you enjoyed this article just click here, or subscribe to receive more great content just like it.Your information will not be shared. Ever ! XENON Lanka.com

1 comments:

Nandana Buddika said...

නියම ලිපියක් මචන් දාලා තියෙන්නේ. මට නම් හරියටම හරි. මමත් ෆොරෙක්ස් කරන්න ගිහිල්ලා රූ. 43,000 ක් විතර නැති කරගත්තා. ලොස් වුනත් අත ඇරියේ නෑ දිගටම කරගෙන යනවා. ලොස් වෙලාම පාඩම් ඉගෙන ගත්තා. දැන් හීනියට කරගෙන යනවා දවසකට $ 5 -10 ක් විතර හොයනවා.

Post a Comment

 
ආරම්භය © 2012. CEYLON LINUX - සියලුම හිමිකම් ඇවිරිණ.